ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ නැවත ඉදිකිරීම් තහනම්

(අකිලා නදීෂානි බණ්ඩාර)
ත්‍රිකුණාමලය කොටුව පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට අයත් තාවකාලිකව ඉදිකළ ගොඩනැගිල්ලේ දැනට කළ ඉදිකිරීම් ඒ ආකාරයෙන් තබන ලෙසත් නව ඉදිකිරීම් හෝ වෙනස්කම් නොකරන ලෙසත් ත්‍රිකුණාමලය ප්‍රධාන මහෙස්ත්‍රාත් එම්.එන්.එම්.සම්සූදීන් විහාරාධිකාරී හිමියන්ට 19දා නියෝග කළේය.
ත්‍රිකුණාමලය පොලිස් අධිකාරි ජේ.එල්. අජිත් කුමාර වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ජී.එස්.කේ. සමරසිංහ යන මහත්වරු ඉදිරිපත් කළ බී වාර්තාව සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
ත්‍රිකුණාමලය ඩච් බේ වෙරල තීරයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිකාරී හිමි තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලක් අනුව දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් පොලිසිය මෙම බී වාර්තාව ඉදිරිපත් කර තිබුණි.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ ඉදිකිරීම් හා සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරාය පොලිසියට නියෝග කළේය.
මේ අතර අදාළ අධිකරණ නියෝගයේ පිටපත් රෝහල්ගත වී සිටින විහාරාධිකාරී හිමිට හා දායක සභාවේ ලේකම්වරයාට භාරදීමට පියවර ගෙන තිබුණි.
