තවදුරටත් වැසි

තවදුරටත් වැසි

ඉදිරි දිනවලත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (02) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාතේ අම්පාර,මාතලේ, නුවර එළිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

ඊට අමතරව නැගෙනහිර,දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළියසහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලය හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් චරිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

චන්දන ලක්මාල්

Share This