තවත් සහල් ටොන් 3000 ක් එයි

තවත් සහල් ටොන් 3000 ක් එයි

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (4) වන විට ආනයනික සහල් මෙටි්‍රක්ටොන් 88,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.

එම ආනයනික සහල් මෙටි්‍රක්ටොන් 88,000 ට කැකුළු සහල් මෙටි්‍රක්ටොන් 34,000 ක් සහ තැම්බූ සහල් මෙටි්‍රක්ටොන් 54,000ක් ඇතුළත් වූ බවත් තවදුරටත් රේගුව වෙත යොමු කරන ආනයනික සහල් හැකි ඉක්මනින් නිදහස් කරන බවත් අරුක්ගොඩ මහතා සඳහන් කළා.

මෙරට මුහුණ දී සිටින සහල් අර්බුදයට පිළියමක් ලෙස වර්තමාන ආණ්ඩුව මේ මස 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයට විවෘත කළා.

Share This