තවත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායන ද්‍රව්‍ය තොගයක් කඳානෙන් හමුවෙයි

(සෙනාෂ් කොළවත්ත)
මිද්දෙණියෙන් හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයට සමාන රසායනික ද්‍රව්‍ය තොගයක් කඳාන ප්‍රදේශයේ ඉඩමක තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙම තොගය සොයාගෙන තිබේ.
එම ද්‍රව්‍ය අදාළ ඉඩමේ නිවෙසට පිටුපස වළ දමා තිබියදී සොයාගෙන ඇති අතර ඉඩම අයිති කාන්තාව විදේශගතව සිටින බවට ද තොරතුරු හෙළි වී ඇත. මෙම රසායනික ද්‍රව්‍යවල සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියතමිය. වැඩිදුර පරීක්ෂණ සිදුකෙර්.