තණමල්විල අනවසර වයින් නිෂ්පාදනාගාරයක් සුරාබදුවෙන් වටලයි

තණමල්විල අනවසර වයින් නිෂ්පාදනාගාරයක් සුරාබදුවෙන් වටලයි

(යක්කල – එස්.ඩී.මැස්ටියගේ)
තණමල්විල 19 කණුව ප්‍රදේශයේදී බලපත්‍ර ලබා නොගෙන, දේශිය හා විදේශීය වෙළඳපොළට සැපයීම සඳහා වයින් නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක් සොයා ගැනීමට 28 වැනිදා දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම සමත් විය.
එහිදී නිෂ්පාදනය කරන ලද වයින් බෝතල් ඇතුළු නිෂ්පාදනයට සූදානම් කර තිබූ විවිධ වයින් වර්ග මිලි ලීටර් 7,25,000ක් පමණ අඩංගු භාජන (පීප්ප) හතරක් නිෂ්පාදනාගාරය තුල තිබී සොයා ගැනීමට හැකි වී ඇත.
මෙම නිෂ්පාදනාගාරය සඳහා වයින් නිෂ්පාදන බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම් කර ඇතත්, නිසි පරිදි නීත්‍යානුකූල අවශ්‍යතා සම්පූර්ණ කර නොතිබීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍රයක් නිකුත් කර නොමැතිව තිබියදීත් මෙම වයින් නිෂ්පාදනාගාරය රහසිගතව සිදු කර ගෛන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.

එබැවින් මෙම වයින් නිෂ්පාදනයට උපයෝගී කරගන්නා යන්ත්‍ර සූත්‍ර, සාක්ෂි භාණ්ඩ ඇතුළු නිෂ්පාදනාගාරය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝගය පරිදි මුද්‍රා තබා ඇත.

Share This