ඩ්‍රෝන නියමුවන්ට ජපන් රැකියා

නිමල් දයාරත්න
ජාතික වෘත්තිය පුහුණු සුදුසුකම් සපුරමින් ඩ්‍රෝන නියමුවන් ලෙස පුහුණුව අවසන් කරනු ලබන සිසුනට පස් අවුරුදු රැකියා වීසා මත ජපානයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු වීමේ අවස්ථාව උදාකරදෙන බැව් අයැගැස් ඇකඩමියේ අධ්‍යක්ෂ විශ්‍රාමික ලුතිනන් කර්නල් රසික කහදගමගේ මහතා පවසයි.
ඩ්‍රෝන නියමුවන් ලෙස පුහුණුවීමට මේ රටේ තරුණ තරුණියන් විශාල උනන්දුවක් දක්වන බවත් ඔවුන් වෙනුවෙන් ඇකඩමිය අදාල පුහුණුවීම් සහ පහසුකම් සැපයීමට සූදානම් බවද පවසයි.
දිවයිනේ ප්‍රථම වරට ඩ්‍රෝන නියමුවන් සඳහා ජාතික වෘත්තිය සුදුසුකම් හෙවත් NVQ සහතිකපත් පිරිනැමීම කොළඹ සීඩා ආයතනයේදී පැවැත්විණි. මෙරට පිහිටි වෘත්තිය ඩ්‍රෝන නියමුවන් පුහුණු කරන හා NVQ 03, 04 සහතික පිරිනමන ඩ්‍රෝන නියමු ආයතනය වන අයි ගැස් ඇකඩමිය මගින් පවත්වන ලද සහතික පත්‍ර පිරිනැමීමේ උළෙලේදී ලුතිනන් කර්නල් රසික කහදගමගේ මහතා එසේ පැවැසීය.
එම පුහුණුව අවසන් කරන ලද 37 දෙනකු එහිදී සතික පත්‍ර ලබා ගන්නා ලදී. ප්‍රධාන ආරාධිතයා ලෙස සම්මානනික මහාචාර්ය ක්‍රිෂාන් දෙගෙරගොඩ, ආචාර්ය අජිත් රෝහන කොළොන්නේ යන මහත්වරු ඇතුළු විද්වතුන් පිසරික් ද මෙම අවස්ථාවට එක් විය.
