ඩයනාට එරෙහි නඩුවේ සාක්ෂි විිභාගය පෙබ. 16

ඩයනාට එරෙහි නඩුවේ සාක්ෂි විිභාගය පෙබ. 16

(අකිලා නදීෂානි බණ්ඩාර)
විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 16 වැනිදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කරයි.
එම නඩුවේ සාක්ෂි විභාගය 15දා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවන ලදී.
එහිදී රජයේ නීතිඥවරියගේ මෙහෙයවීම යටතේ මෙම නඩුවේ පැමිණිලිකරු වන ඔෂල හේරත් මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරිණි.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 16 වැනිදා කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.
2016 වසරේ ජුලි මස 14 වන දා සිට 2020 වසරේ නොවැම්බර් මස පළවනදා අතර කාල සීමාව තුළ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍යය තොරතුරු ලබාදීම තුළින් ආගමන හා විගමන පාලක පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයාගේ උපදෙස් මත චෝදනා හතක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු රාජ්‍ය ඇමතිනියට එරෙහිව මෙම නඩු හතක් වෙන් වෙන්ව’ගොනු’කර’තිබේ’

Share This