ට්සර්ලන්ත තානාපතිවරිය ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී හමු වෙයි

ස්විට්සර්ලන්ත තානාපතිනි Siri Walt මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා හමු විය.
එහිදී මෙරට වත්මන් ආර්ථිත තත්වය මෙන්ම මැද පෙරදිග යුධ තත්වය සමග ඇති වි තිබෙන තත්වය පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.
ස්විට්සර්ලන්තය ලංකාවේ තානාපති සේවාව ආරම්භ කර ගෙවී ගිය වසර 70ක කාලය තුළ මෙරට දේශපාලන වාතාවරණය යථාවත් කිරිමටත්, තරුණ ප්‍රජාවගේ වෘත්තීය පුහුණුව ඉහළ නැංවීමටත්, උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමටත් බොහෝ සේ මැදිහත් වූ බව සිහිපත් කළ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඒ සහයෝගය බෙහෙවින් අගය කරන බවද සඳහන් කළේය.
වර්තමාන යුධ තත්වය හමුවේ ලංකාවේ ස්ථාවරය අගය කරන බව සඳහන් කළ ස්විට්සර්ලන්ත තානාපතිනි Siri Walt මහත්මිය ඉදිරියේදීත් මෙරට තරුණ ප්‍රජාවගේ වෘත්තීය පුහුණුව ඉහළ නැංවීමටත්, උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමටත් අවශ්‍ය සහයෝගය ලබාදීමට සූදානම් බවද පෙන්වා දුන්නාය.
මෙම අවස්ථාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරිය (දේශපාලන) Justine Boillat මෙනවියද සහභාගී වූවාය.

Share This