ට්රැක්ටර් රථයක් පෙරළී සිසුන් හය දෙනෙකු අතුරුදන්: රියදුරු සහ සහාය පළා ගිහින්
අම්පාර – කාරතිව් මාවඩිපල්ල ප්රදේශයේ ට්රැක්ටර් රථයක් ජල පහර හසුවී පෙරළීම හේතුවෙන් අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මක කර තිබෙනවා.
පැවැති දැඩි වර්ෂාවත් සමඟ ජලයෙන් යට වී තිබූ මාර්ගයක අදාළ රථය ඉතා අවදානම්සහගතව රියදුරු විසින් ඊයේ (26) පදවා ඇති බව සඳහන්.
එම අවස්ථාවේදී පාසල් සිසුන් 06 දෙනෙකු ඇතුළු මගීන් 11 දෙනෙකු එහි සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
නාවික හමුදාව සහ ප්රදේශවාසීන් එක්ව පුද්ගලයින් 05 දෙනෙකු බේරාගෙන ඇති අතර පාසල් සිසුන් හය දෙනාම අතුරුදන්වී ඇති බව සඳහන්.
එමෙන්ම ට්රැක්ටර් රථයේ රියදුරු සහ සහායක පළා ගොස් ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.