ට්‍රම්ප් බලයට පත්වූ පසු, අමෙරිකාව WHO වෙතින් ඉවත්ව යාම වැළැක්වීමට අවසාන උත්සාහයත් දරයි

ට්‍රම්ප් බලයට පත්වූ පසු, අමෙරිකාව WHO වෙතින් ඉවත්ව යාම වැළැක්වීමට අවසාන උත්සාහයත් දරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එක්සත් ජනපදය තමන්ගේම යහපත සඳහා WHO සමඟ රැඳී සිටිය යුත්තේ කවර හේතු නිසාවෙන් ද යන්න පහදමින්, වාර්තාවක් සකස් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලපෑම් කිරීමේ උත්සාහයක කොටසක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බව සඳහන්.

ට්‍රම්ප් අවසන් වරට ජනාධිපති ධුරයේ සිටියදී එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ආයතනයෙන් ඉවත් වීමට පියවර ගත් අතර, සඳුදා ඔහු දිවුරුම් දුන් වහාම ඔහුගේ නව පරිපාලනය තුළ ද ඒ හා සමාන පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් ජනපදය WHO හි විශාලතම පරිත්‍යාගශීලියා වන බැවින් එහි ඉවත්වීම ලෝක සෞඛ්‍යයට වඩාත් පුළුල් පහරක් වනු ඇති බවයි විශේෂඥයෝ පෙන්වා දෙන්නේ.

Share This