ට්‍රම්ප්ගේ සෘජු ප්‍රහාරයෙන් පසු තමන් ‘පසුබට නොවන’ බව ලියෝ පාප් වහන්සේ පවසයි
පාප්වහන්සේ (Pope Leo) Donald Trump විසින් එල්ල කළ දැඩි විවේචනවලට ප්‍රතිචාර දක්වමින්, තමන් සුවිශේෂයේ පණිවිඩය ප්‍රකාශ කිරීමෙන් කිසිවිටත් පසු නොබසින බව සඳහන් කර ඇත.

3A0E881 Vatican City. 3rd Mar, 2025. Cardinal ROBERT FRANCIS PREVOST Prefect of theDicasteery for Bishops leads the Holy Rosary for the Holy Father Francis in St, Peter’s Square at the Vatican. © EvandroInetti_via ZUMA Wire (Credit Image: © Evandro Inetti/ZUMA Press Wire) EDITORIAL USAGE ONLY! Not for Commercial USAGE!
අද (13 වැනිදා) , ඇල්ජීරියාවට යන ගුවන් යානයේ මාධ්‍යවේදීන් සමඟ කතාබහ කරමින් පාප්වහන්සේ පැවසුවේ, තමන් පවසන දෑ කිසිවෙකුට එරෙහි ප්‍රහාර ලෙස අදහස් කර නොමැති බවයි.
💬 “මම පවසන දෑ කිසිවෙකුට එරෙහි ප්‍රහාර නොවේ. සුවිශේෂයේ පණිවිඩය පැහැදිලියි — සාමය ඇති කරන අය ආශීර්වාද ලැබූවන්. මම එම පණිවිඩය ප්‍රකාශ කිරීමෙන් පසු නොබසිනවා,” “සාමය සහ සංහිඳියාව සඳහා පාලම් ගොඩනැගීමේ ක්‍රම සොයන ලෙසත්, හැකි ඕනෑම වේලාවක යුද්ධයෙන් වැළකී සිටීමට ක්‍රම සොයන ලෙසත් මම සියලු දෙනාටම ආරාධනා කරමි.”යැයි ඔහු පැවසීය.
අමෙරිකාවේ චිකාගෝ නගරයෙන් පැමිණි පාප් ලියෝ, පසුගිය සතිවලදී ඉරානයට එරෙහිව සිදුවන යුද්ධය පිළිබඳ දැඩි විවේචන කරමින්, “යුද්ධය පිස්සුකාරී ක්‍රියාවක්” ලෙසද හැඳින්වීය.
මේ අතර, පාප්වහන්සේගේ මෙම අදහස්වලට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් Truth Social හරහා පළ කළ සටහනකින්,
💬 “පාප් ලියෝ අපරාධ සම්බන්ධයෙන් දුර්වලයි, විදේශ ප්රතිපත්තියටත් හොඳ නැහැ” යනුවෙන් දැඩි විවේචනයක් එල්ල කර තිබේ.
එමෙන්ම, පාප්වහන්සේගේ පණිවිඩය සහ ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් එකම මට්ටමේ දේවල් ලෙස සලකනවානම්, එය සුවිශේෂයේ සත්‍ය පණිවිඩය තේරුම් නොගැනීමක් බවත් පාප්වහන්සේ අවධාරණය කළේය.
