ට්‍රම්ප්ගේ තර්ජනයට ඉරානයෙන් දැඩි පිළිතුරු
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත නොකළහොත් ඉරාන පාලනයට එරෙහි ප්‍රහාර දැඩි කරන බවත් ඉරානය ‘අපායක්’ බවට පත් කරන බවටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයට ඉරානය දැඩි සේ ප්‍රතිචාර දක්වා ඇත.
ඇමෙරිකාවේ ආක්රමණකාරී ක්‍රියා තවදුරටත් ව්‍යාප්ත වුවහොත්, මුළු මැදපෙරදිග කලාපයම ‘අපායක්’ බවට පත් කරන බව ඉරානය ඇමෙරිකාවට අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඇමෙරිකානු බලපෑම් හමුවේ තමන් පසුබට නොවන බවත්, කලාපීය ස්ථාවරත්වයට එල්ල වන ඕනෑම තර්ජනයකට දැඩිව මුහුණ දෙන බවත් ඉරාන හමුදා බලධාරීන් දැඩි සේ ප්‍රකාශ කරන බවද විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
