ට්‍රම්ප්ගෙන් ඔ්ස්ටේලියාවේ අගමැතිට ඇමතුමක්

ඩොනල්ඩ් ට්රම්ප් ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මහතා සමඟ ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. ඔහු මේ බව තම සමාජජාලා පිටුව ඔස්සේ සටහනක් තබා ඇත.  එහි මෙසේ දැක්වේ.
මම දැන් ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මහතා සමඟ ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම සම්බන්ධයෙන් සාකච්ඡා කළා.  ඔහු ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා! ඔවුන්ගෙන් පස් දෙනෙකු දැනටමත් ආරක්ෂිතව රැකවරණය ලබා දී ඇති අතර, ඉතිරි අය ද ඒ සඳහා කටයුතු වෙමින් පවතිනවා. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් සමහරෙකුට තම පවුල්වල ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල හේතුවෙන් නැවත රට බලා යාමට සිදුවනු ඇත. විශේෂයෙන්ම ඔවුන් ආපසු නොගියහොත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තර්ජන එල්ල වීමේ අවදානමක් පවතිනවා. ඕනෑම අවස්ථාවක, මෙම සියුම් තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඉතා හොඳ කාර්යයක් ඉටු කරනවා. දෙවියන් වහන්සේ ඕස්ට්‍රේලියාවට ආශීර්වාද කරත්වා!

Share This