ජීවිත අහිමි කළ හැටන් බස් රථ අනතුර

ජීවිත අහිමි කළ හැටන් බස් රථ අනතුර

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට යෑමෙන් අද (21) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් මේ වනවිට තිදෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

තුවාල ලැබූවන් දික්ඔය සහ වටවල රෝහල්වලට කඩිනමින් ඇතුළත් කර තිබෙනවා.

අනතුර සිදුව තිබුණේ, මෙම පෞද්ගලික බස් රථය මාර්ගයෙන් ඉවතට ගොස් තේ වත්තකට පෙරළී යාමෙනි.

එම අවස්ථාවේදී බසය තුළ මගීන් 20ත් 25ත් අතර ප්‍රමාණයක් සිට ඇති බව සඳහන්.

Share This