ජින්තුපිටියේ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට

2026.01.16 වනදින  ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින්අත්අඩංගුවට ගෙන ඇත .

නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී වෙඩික්කරු ලෙස ක්‍රියා කළ සැකකරු ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 830 ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.

සැකකරු අවුරුදු 24 ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

 

Share This