“ජාතික සුරක්ෂිත දින” ලෙස නම් කළ සුනාමි සැමරුම හෙට පැරෑලියේදී

“ජාතික සුරක්ෂිත දින” ලෙස නම් කළ සුනාමි සැමරුම හෙට පැරෑලියේදී

බද්දේගම – ඕෂධ කමලනාථ/ අම්බලන්ගොඩ – එස්. රූබසිංහ
“ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම් උත්සවය 26 වෙනිදා පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.00 දක්වා, හික්කඩුව “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35000 කට අධික පිරිසක් මියගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදන් වූ අතර බිලියන ගණනක් වටිනා දේපළ ද විනාශ වූහ.
2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, එදින සුනාමි ව්‍යසනයෙන් සහ එදා මෙදා තුර විවිධ ආපදා නිසා මිය ගිය සියලු දෙනා සිහිපත් කරමින් ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය, ජනතා සහභාගිත්වයෙන් සිදුකරයි.
ඒ අනුව 26 වෙනිදා පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා, විනාඩි 02ක, නිහඬතාවයක් පළකරමින් සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ජනතාව සිහිපත් කෙරෙනු ඇත.

Share This