ජාතික රෝහලේ මිනී කාමරයේ තිබූ බිලිඳු මළ සිරුරක් අතුරුදන්

ජාතික රෝහලේ මිනී කාමරයේ තිබූ බිලිඳු මළ සිරුරක් අතුරුදන්

(සෙනාෂ් කොළවත්ත)
කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ බිලිඳු මළ සිරුරක් අතුරුදන් වී ඇතැයි මරදාන පොලිසිය කියයි.
මෙම බිලිඳු මළ සිරුර ඉකුත් අගෝස්තු 01 වැනිදා මාලිගාවත්ත දුම්රිය අංගණයේ නවතා තිබූ දුම්රියක වැසිකිළියක තිබී හමු වී ඇත. පසුව එය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට භාර දී තිබිණි.
මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත මෙම බිලිඳු මළසිරුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබා ඇති අතර ඉකුත් 29 – 31 යන දිනවල පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට දෙමටගොඩ පොලිසිය එහි ගිය අවස්ථාවේ එම සිරුර අතුරුදන් වී ඇතැයි හෙළි වී ඇත.

Share This