ජාතික නාමල් උයන ජාතික උරුමයක් කරයි – කැබිනට් මණ්ඩලයේ තීරණයක්
ශ්‍රී ලංකාවේ විශාලතම නා වනාන්තරය ලෙස සැලකෙන හෙක්ටයාර 602ක් වන නා වනාන්තරය හා රෝස තිරුවානා කඳුවැටිය සංරක්ෂිත වනාන්තරයක් බවට පත් කිරිමට කැබිනට් මණ්ඩලය තිරණය කරයි.
මෙම භූමිය ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථානයක් ලෙස හඳුනාගැනීම නිසා මෙම තිරණය ගෙන ඇත. පුරාණ බෞද්ධ ආරාමවල භූ දර්ශන යන සියලු සාධක දිගුකාලීන සංස්කෘතික සම්බන්ධතා සමග සම්බන්ධ වී භූ විද්‍යාත්මක පාරිසරික සහ සංස්කෘතික උරුම වටිනාකම්වල දුර්ලභ එකතුවක් ලෙස මෙම භූමිය හඳුනාගෙන ඇත.
මෙම භූමියෙහි පිහිටි රෝස තිරුවානා කඳුවැටිය ඉතා වැදගත් භූ ස්වභාවික උරුමයක් ලෙස හඳුනාගෙන ඇති අතර එයට අනන්‍ය වූ ඛනිජ හා විද්‍යාත්මක වටිනාකමකින් යුතු ලක්ෂක විශේෂිත වියලි කලාපීය වනාන්නතර පරිසර පද්ධතියක් ලෙසත් හඳුනාගෙන මෙම යෝජනාව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇත.
