ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන්

ආණ්ඩුව බලයට ගෙන ඒමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ජාතික ජන බලවේගයේ ගැහැණු අපි එක මිටට කාන්තා සංවිධානය මාර්තු 08 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් සංවිධානය කර ඇත. ‘’ ඇය නැගිටින විට නැගිටිනවා රට’ ‘ යන තේමාව යටතේ කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේදී 08 වැනිදා පෙරවරු 10 ට ජනාධිපති අනුර කුමාර දිසානායක හා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම අවස්ථාවට කාන්තා ළමා කටයුතු ඇමතිනි සරෝජා පෝල්රාජ් ඇතුළු ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියන්ද සහභාගී වීමට නියමිතය.

Share This