ජල ගාස්තුව වෙනස් වෙනනේ නෑ
විදුලි බිල වැඩි වුවද ජල ගාස්තු සංශෝධනයක් මේ මොහොතේ සිදු නොකරන බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නැති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසයි. මුල් මාස හයේදී ජල බිල සංශෝධනයක් සිදු නොකරන බවත් එය සිදු කරන්නේ නම් එය සිදුවන්නේ ජූනි මස 30 වැනිදායින් පසුව බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
ඉදිරි සති දෙක තුළ ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන මෙන් ද ලබුගම හා කලටුවාව ඇතුළු ප්‍රධාන ජලමූලාශ්ර ආශ්රිත ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස ඇති හෙයින් ඒය විශාල ගැටලුවක් වන බවද සභාපතිවරයා සඳහන් කරයි. අත්‍යවශ්‍ය දේ සඳහා පමණක් ජලය භාවිත කරන ලෙස ද ඒ මහතා වැඩිදුරටත් පවසන අතර ඒසේ නොකළ හොත් අඛණ්ඩව ජලය සැපයීමට බාධා එල්ලවිය හැකි බවද ඔහු කියා සිටී.
