ජනපති චීනයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන ජනවාරි මාසයේ දී දිවයිනේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන චීනය වෙත සාකච්ඡා සඳහා සංචාරය කිරීමට නියමිත බව වාර්තා වනවා.
2022 ආර්ථික කඩාවැටීමේදී, ආහාර, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහා විශාල සහයක් ලබා දුන්නේ චීනයයි.
දිසානායක මහතා රාජ්‍ය නායකයා ලෙස කළ පළමු විදෙස් සංචාරය පසුගිය 16වනදා අසල්වැසි ඉන්දියාවට වූ අතර ,එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනපතිනී විසින් ඔහුව රතු පලස මත හරසරින් පිළිගනු ලැබුණා.