ජනපති අනුර, ට‍්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ඉන්දියාවේ අමෙරිකානු තානාපති හමුවෙයි

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට ‘AI Impact Summit 2026’ සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට පැමිණ සිටියදී අද (18) පෙරවරුවේ ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා හමු විය. කෘත‍්‍රිම බුද්ධිය මිනිසාගේ සුබ සිද්ධිය උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන ‘AI Impact Summit 2026’ සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (19) ඇමතීමට නියමිතය.  සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක් එක්වීමට නියමිතය.

Share This