ජනතාවාදී රජයක් ගොඩනැගීමට එජාපය සහ සජබ එක්වෙනවා – සජිත්

සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ජනතාවාදී රටක් සහ රජයක් ගොඩනැගීම සඳහා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ ගාමිණී දිසානායක මහතාගේ 84 වන ජන්ම දින සැමරුමට එක්වෙමිනි.
මෙම සැමරුම් උත්සවය ඊයේ (21) පස්වරුවේ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට පිහිටි ගාමිණී දිසානායක පිළිරුව අභියසදී පැවැත්වුණි.
මහා සංඝරත්න සහ අනෙකුත් ආගමික නායකයන් මෙන්ම දේශපාලන නියෝජිතයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ,
“පොදුජන කඳවුර ශක්තිමත් කිරීමට කාලය පැමිණ තිබේ. පොදුජන න්‍යාය මත පදනම් වූ දැවැන්ත එකතුවක් ලෙස සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කිරීමට මුල පුරයි. අවසානයේ ජයග්‍රහණය හිමි විය යුත්තේ පොදු ජනතාවටයි” යනුවෙනි.
