චීන නිල සංචාරය නිමවා අගමැතිනිය යළි දිවයිනට

චීන නිල සංචාරය නිමවා අගමැතිනිය යළි දිවයිනට

(කටුනායක – ටී.කේ.ජී. කපිල)
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සිය චීන සංචාරය නිමා කර 15 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
ඇය චීනයේ පැවති ජාත්‍යන්තර ගෝලීය කාන්තා සමුළුවකට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා දූත පිරිස ලෙස දෙදෙනෙකු ද සමග පිටත්ව ගොස් සිටියාය.
මෙම පිරිස 15 දින අලුයම 04.45ට චීනයේ ග්වැන්ෂෝ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

Share This