චන්ද්‍රිකාගේ ඉල්ලීමට අනුර බෑ කියයි

චන්ද්‍රිකාගේ ඉල්ලීමට අනුර බෑ කියයි

(දයාසිලි ලියනගේ)
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමට පෙර දැනට පදිංචිව සිටින නිවෙසට තක්සේරු කුලිය ගෙවමින් ජීවිතාන්තය දක්වා රැඳී සිටීමට අවසර ඉල්ලා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප වී ඇත.
දැනට කොළඹ නගරයේ පදිංචිය සඳහා නිවෙසක් සොයා ගෙන ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරිය ඉදිරි මාස දෙකක් ඇතුළත නිල නිවෙසින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ වන විට සැත්කමකට භාජනය වී සිටින ඇය රැඳී සිටින නිල නිවෙසින් ඉවත්ව යෑම අපහසු බැවින් එහි රැඳී සිටීමටත්, එම නිවෙසේ අලුත්වැඩියා කටයුතු සඳහා පෞද්ගලික මුදල් රුපියල් මිලියන 14ක් වියදම් කර ඇති බවද සඳහන් කරයි

Share This