චණ්ඩි පාට් දැමූ වේල්ලවීදියේ කොස්තාපල් දෙදෙනාට මාංචු

චණ්ඩි පාට් දැමූ වේල්ලවීදියේ කොස්තාපල් දෙදෙනාට මාංචු

-සෙනාෂ් කොළවත්ත-
කොළඹ කෙසෙල්වත්ත වේල්ල වීදියේ නිවාඩු නිකේතනයකට ගොස් සේවකයන් දෙදෙනකුට කිසිදු හේතුවක් නොමැතිව පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ දෙදෙනෙකි.
පහර කෑමට ලක්වූ දෙදෙනා රෝහල්ගත කර ඇත. පහර කෑමට ලක් ව ූදෙදෙනා කළ පැමිණිල්ලකට අනුව එම නිවාඩු නිකේතනයේ සී.සී.ටී.වී. කැමරා පරික්ෂා කිරීමෙන් පසුව සැක පොලිස් කොස්තාල්වරු දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය පිළිබඳ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This