ගොඩින් ගහන්න ආවොත් ඉරානේ උදව්වට අපි ඒනවා
අමෙරිකාව සහ ඊශ්රායලය එක්ව ඉරානයට එරෙහිව ගොඩබිම් ආක්රමණයක් ආරම්භ කළහොත්, ඉරානය වෙනුවෙන් යුද්ධයට මැදිහත් වන බවට සූඩානය අනතුරු ඇඟවීමක් කර ඇති බවට විදේශීය සමාජ මාධ්ය සඳහන් වේ. මේ හේතුවෙන් මැදපෙරදිග කලාපයට සීමා වී තිබූ ගැටුම අප්රිකානු කලාපයට පැතිරයමේ අවදානමක් පවතින අතර, විශේෂයෙන්ම රතු මුහුදේ නාවික ආරක්ෂාවට සහ ගෝලීය වෙළඳාමට ඉන් දැඩි බලපෑම් එල්ල වීමට පුළුවන.
සූඩානයේ මෙම ප්රකාශය නිල මැදිහත්වීම ලෙස තහවුරු කර නොමැත.
