ගොඩබිමෙන් ආවොත් දවා අළු කරනවා – ඉරාන පාර්ලිමේන්තු කථානායක

අමෙරිකා සෙබළුන්  ඉරානයට ගොඩබිම හරහා ආවොත් ඔවුන් මතට “ගිනි වර්ෂා” එල්ල කිරීමට එනම් දවා අළුකිරීමට තම හමුදාවන් සූදානමින් සිටින බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් (Mohammad Bagher Ghalibaf) ප්රකාශ කර සිටියි.
ඇමරිකානු සෙබළුන් 3,500ක් පමණ USS Tripoli යුධ නෞකාව සමඟින්  කලාපයට පැමිණ ඇති බවට එක්සත් ජනපදය නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ ඉරාන කථානායකවරයා මෙම දැඩි ප්රකාශය සිදු කර ඇත්තේ.
 ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය ඉරානය තුළ සති කිහිපයක දැවැන්ත ගොඩබිම් මෙහෙයුම් සඳහා මේ වන විටත් සූදානම් වෙමින් පවතින බවයි  වොෂින්ටන් පෝස්ට් (Washington Post) පුවත්පත වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, මෙම යුධ මෙහෙයුම් සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිය අවසන් අනුමැතිය ලබා දෙනු ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නැත.
Share This