ගෙවුණු මාස 10ට සංචාරකයන් ලක්ෂ 18ක් රටට ඇවිත්

-ශිරාන් රණසිංහ-
මෙම වසරේ ගෙවී ගිය මාස දහයේදී විදෙස් සංචාරකයන් 18,78,557ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
ඔක්තෝබර් 01 වැනිදා සිට 29 වැනිදා දක්වා කාලය තුළ මෙර පැමිණි සංචාරකයන් ගණන 1,53,063ක්. ගෙවී ගිය වසරේදී වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම පිරිස 4,20,033කි. රුසියාවෙන් 1,32,594ක් ද එක්සත් රාජධානියෙන් 1,74,021ක් ද ඉකුත් මාසයේ දී මෙරට සංචාරයට එක්ව ඇතැයි ද එම අධිකාරිය සඳහන් කරයි.
