ගුරු සංවර්ධන නිලධාරීන් අද ජනපති හමුවට

ගුරු සංවර්ධන නිලධාරීන් අද ජනපති හමුවට

(නිමල් දයාරත්න)
ලංකා පාසල් සංවර්ධන නිලධාරි සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන සත්‍යග්‍රහයට ඊයේට (2දා) දින අටක් ගත විය. පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරු සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ආරම්භ කරන ‘ලද සත්‍යග්‍රහය පසුව මාරාන්තික උපවාසයක් බවට පත්විය. ගුරු සංවර්ධන නිලධාරීන් හා සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් ඊයේ විරෝධතාවට එක්ව සිටි අයුරු.
අද (3) ප. ව. 6.00 ට ජනාධිපතිවරයා සමඟ සිය සංගමයට සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා දී ඇති බවත්, ඒ ‘අනුව ඉදිරි ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා පවසයි.

Share This