ගුණ කෑමට අකමැති පොඩ්ඩන්ට පෝෂණ රොටියක්

ගුණ කෑමට අකමැති පොඩ්ඩන්ට පෝෂණ රොටියක්

පොඩ්ඩො ඉන්න අම්මලාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි, ගුණ කෑමවලින් පොඩ්ඩන්ගෙ බඩපුරවන එක.

ඔයත් ඊට ක්‍රම හොයන කෙනෙක් නම්, මේ රස කතාව වැදගත් වෙයි.

‘පෝෂණ රොටී’ කියන්නෙ අපි එදිනෙදා කෑමට ගන්න සාමාන්‍ය රොටියේ ම තවත් දිගුවක්.

ඒ කියන්නෙ මේ රොටියට පොඩ්ඩො ලේසියෙන් නොකන එළවළු වර්ග එකතු කරගන්න පුළුවන්.

පොඩ්ඩන්ට විතරක් නෙවෙයි, කාටත් ගුණ කෑමක් මේ පෝෂණ රොටිය.

එහෙනම් අපි බලමු සරලම විදියට කොහොමද රස ම රස පෝෂණ රොටියක් හදාගන්නෙ කියලා…

අවශ්‍ය ද්‍රව්‍ය :

එළවළු වර්ග කීපයක් (කැරට්, ගෝවා, බෝංචි..)
ලූණු ගෙඩියක්
පලා වර්ග කීපයක් (ගොටු කොළ, මුකුණුවැන්න…)
ධාන්‍ය වර්ගයක්
කුකුළු මස්
බටර්
ලුණු
පොල්
සහල් පිටි
පාන්පිටි

සාදන ක්‍රමය :

පළමුව එළවළු, ලූණු සහ පලා වර්ග සිහින්ව කපා ගන්න.
එමෙන්ම කුකුළු මස් සහ ධාන්‍ය වර්ග හොඳින් තම්බා පොඩිකර ගන්න.
අනතුරුව කපාගත් එළවළු, පලා, ලූණු සහ කුකුළු මස් ද පොඩිකරගත් ධාන්‍ය ද හොඳින් කලවම් කරගන්න.
දැන් ඊට බටර්, ලුණු එකතු කර ගන්න. (අවශ්‍ය නම් ගම්මිරිස් ද එකතු කරගන්න)
පසුව ඉහත මිශ්‍රණයට පොල් සහ පිටි අවශ්‍ය පමණ දමා වතුර එකතු කර අතේ නොඇලෙන ලෙස පිටි මෝලියක් අනා ගන්න.
අනාගත් පිටි මෝලිය කුඩා කොටස්වලට වෙන්කර තුනී කරගන්න.
අවසානයේ මද ගින්දරේ රොටිය පුළුස්සා ගන්න.

Share This