ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ කාලය දිගු වෙයි

ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ කාලය දිගු වෙයි

(නිමල් දයාරත්න)
ගිනි අවි හිමි පුද්ගලයන් 2026 වර්ෂය වෙනුවෙන් බලපත්‍ර අලුත් කිරීම 2020.09.01 සිට 2025.12.31 දක්වා පමණක් සිදු කරන බැව් දැනුම් දී ඇතත්, රට තුළ පැවැති ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන එම කාල සීමාව 2026.01.31 දින දක්වා මසකින් දීර්ඝ කර ඇති බැව් ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.
2026.01.31 දිනෙන් පසු ගිනි අවි බලපත්‍ර අලුත් නොකරන බවත්, තුවක්කු ආඥාපනතේ 22 වන වගන්තියේ විධිවිධාන අනුව බලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද එම අමාත්‍යාංශය අවධාරණය කරයි.
පසුව සිදුකරන අලුත් කිරීම සඳහා ප්‍රමාද ගාස්තු සහ නීතිමය ගාස්තු ගන්නා බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Share This