ගිනිඅවි භාරදීමට ලබාදී තිබූ කාලය දීර්ඝ නොකිරීමට තීරණයක්
පෞද්ගලික පරිහරණය සදහා ලබාදී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී ඇති කාලය කිසිසේම දීර්ඝ නොකරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව දැනට පෞද්ගලික පරිහරණය සදහා පොලීසිය සහ යුධ හමුදාව මගින් බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිනි අවි ජනවාරි මස 20 වන දින වනවිට ආරක්ෂක අමාත්‍යංශයට භාර දිය යුතු බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
එලෙස ලබා නොදෙන ගිනිඅවි ලඟ තබාගන්නා පුද්ගයන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.