ගිනස් පොතට ගිය පිලිපීනයේ යෝධ කුකුළා: කුකුළෙකුගේ හැඩැති ලොව විශාලතම ගොඩනැගිල්ල
යමුද, කුකුළෙක් ඇතුළෙ නිවාඩුවක් ගත කරන්න !!
මොකාක් !!!
කලබල වෙන්න එපා, මේක කුකුළෙකුගේ හැඩය ගත් අපූරු ගොඩනැගිල්ලක්. නැත්නම් හෝටලයක්.
එය පිහිටලා තියෙන්නෙ පිලිපීනයේ නෙග්රෝස්වල.
මේ අපූරු ගොඩනැගිල්ල ලෝක වාර්තා අතරටත් ගිහින්.
ඒ, ‘කුකුළෙකුගේ හැඩැති ලොව විශාලතම ගොඩනැගිල්ල’ හැටියට.
පිලිපීනයට යන සංචාරකයින්ට මේ අත්දැකීම විශේෂ එකක් වන බව නම් විශ්වාසයි.
ගොඩනැගිල්ල තට්ටු හයකින් යුක්තයි. එහි කාමර ගණන 15 ක්.
ඒවා සියල්ලම වායුසමීකරණය කළ ඒවා බව සඳහන්. කාමරවල ජනේල නෑ.
පූරු ගෘහ නිර්මාණ ශිල්පීය කුසලතා විද්‍යාමාන කරන, මෙම ගොඩනැගිල්ලේ නිර්මාණකරු (Ricardo Cano Gwapo Tan) සඳහන් කරන්නේ තමන්ට ‘ලෝකයට විශාල උරුමයක් ශේෂ කිරීමට’ අවැසි වූ බැවින් මෙවන් නිර්මාණයක් කළ බව.
ඒ වගේම මෙමඟින් නෙග්රෝස් වැසියන්ට කුකුළාගේ වැදගත්කම සිහිගැන්වීමත් එක් අරමුණත් වුණු බවයි ඔහු පවසන්නෙ.
“සබොන්ග්” ලෙස හඳුන්වන ‘කුකුල් පොර’ පිලිපීනයේ ස්පාඤ්ඤ යටත් විජිත පාලනයට පෙර පැවති සම්ප්‍රදායික තේමාවක්.
එය ඉන්දියාවේ තහනම් කර ඇතත් තායිලන්තයේ සහ ඉන්දුනීසියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ද ප්‍රචලිතයි.
ඉතින්, ඒ සාම්ප්‍රදායික වටිනාකම් සිහි කැඳවීමත් මේ යෝධ කුකුළා මඟින් සිදු කෙරෙනවා.
ඒත් එක්කම කුකුළු කර්මාන්තය කියන්නෙ, ඌරු අභිජනනයට අමතරව නෙග්රෝස් හි ප්‍රමුඛතම දේශීය කර්මාන්තවලින් එකක්.
ඒ වටිනාකම් සියල්ලම මේ නිර්මාණයෙන් නිරූපිතයි.
කුකුළු රුවක් සහිතව ඉදිකර ඇති මෙම හෝටලයේ, පුද්ගලයන් හතර දෙනෙකු සඳහා කාමරයක් ඩොලර් 80 ට අඩු වන බව සඳහන්.
පුද්ගලයන් හත් දෙනෙකු දක්වා විශාල කණ්ඩායම් සඳහා ඩොලර් 120 ක් පමණ වැය වන බවයි කියවෙන්නෙ.
මෙම කුකුළා හෝටල් පරිශ්‍රය, මීට දශක ගණනාවකට පෙර මිලදී ගෙන ඇති නිහඬ කඳු මුදුනක්.
නමුත් දැන් එය, ලෝක ප්‍රකට නිවාඩු නිකේතනයක් වනවා.
ඒ අනුව එය අවන්හලක්, ආපන ශාලාවක් සහ අමුත්තන්ට විනෝදාස්වාදය සඳහා ඩයිනෝසෝරයන් සහ කාටූන් ප්‍රතිමා සිය ගණනකින් සමන්විත අපූරු බිමක්.
ආරම්භයේදීම අපි ඔබට කිව්වනෙ, මේ යෝධ කුකුළා ගිනස් පොතටත් ගිහින් ඉන්නෙ කියලා.
ගිනස් ලෝක වාර්තා කමිටුවට අනුව, මේ යෝධ කුකුළු සංකල්පය සැලසුම් කිරීමට පමණක් මාස හයක් පමණ ගතවෙලා.
ඉදිකිරීම් ආරම්භ වෙලා තියෙන්නෙ, 2023 ජූනි 10.
2024 සැප්තැම්බර් 8 වෙද්දි එහි ඉදිකිරීම් කටයුතු අවසන් වෙලා.
ඉතින්, මෙය ගිනස් වාර්තා අතරට ඇතුළත් කිරීමට නම් සපුරාලිය යුතු කොන්දේසිත් කිහිපයක්ම වුණු බව සඳහන්.
කලාපය තුළ බහුලව දක්නට ලැබෙන කුණාටු තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉන් ප්‍රධානයි.