ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවට ළං වෙයි දිස්ත්‍රික්ක ගණනාවකට තද වැසි

(ඉෂාර ගයාෂාන්)
ශ්‍රී ලංකාවේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09දා) පෙ.ව. 6.00 වන විට මඩකලපුවට කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති බවට කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතිය අද සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් වෙරළට ඇතුළු වීමට ඉඩ ඇත.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරුමැද, වයඹ, සහ නැගෙනහිර පළාත්වල මි.මි. 100 ඉක්මව වූ තද වැසි සහ අනෙකුත් ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තරමක වැසි බලාපොරොත්තු විය හැකිය.
සුළං තත්ත්වය දිවයින පුරා විටින් විට පැයට කිලෝමීටර් 50-60 පමණ තද සුළං ඇතිවිය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී එය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැක.
නැවත දැනුම් දෙනතුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙස ධීවරයන්ට උපදෙස් දී ඇත.
බදුල්ල, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල නායයෑම් අවදානම් සහිත බෑවුම් ආශ්‍රිතව වෙසෙන ජනතාව විමසිලිමත් විය යුතු බවට දන්වා ඇත.
