ගාසා සටන් විරාමය මැද ඊශ්‍රායල් සහ පලස්තීන ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව ඇරඹේ

(සඳුනි තිලකරත්න)
ගාසා සටන් විරාම සැලැස්ම අත්සන් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඊජිප්තුවේ ෂාර්ම් එල්-ෂෙයික් නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර සාම සමුළුවේදී කෙයර් ස්ටාර්මර් ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ එක්වනු ඇත.
මේ වන විට ගාසාහි ආධාර කණ්ඩායම් සහන කටයුතු වැඩි කරමින් සිටිති. 12දා උදෑසන සිට රාෆා හරහා ගාසා භූමියට ලොරි රථ පෝලිම් විශාල ප්‍රමාණයක් ඇතුළු වන්නට පටන් ගෙන තිබිණි.
හමාස් සමඟ සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමට පෙර බන්ධනාගාර දෙකකට මාරු කිරීම ආරම්භ කර ඇති අතර, එමඟින් ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල සිරකරුවන් නිදහස් කිරීම ද සිදුවනු ඇත. ඒ අනුව ඊශ්‍රායලය ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 1,700 ක් සහ පලස්තීන ප්‍රාණ ඇපකරුවන් 250ක් පමණ නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.