ගාල්ල මහ මෝදර කලපුවේ මළ සිරුරක්

ගාල්ල මහ මෝදර කලපුවේ මළ සිරුරක්

ගාල්ල මහ මෝදර ඇවිදින මංතීරුව ආසන්නයේ කලපුවේ තිබී පුද්ගල මළ සිරුරක් අද (03දා) උදෑසන සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මහ මෝදර ප්‍රදේශයේ පදිංචි 87 වියැති පිරිමි පුද්ගලයෙකි. ඊයේ (02දා) රාත්‍රියේ සිට මෙම පුද්ගලයා අතුරුදන් වී සිටි බවට නිවැසියන් විසින් පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ.
මළ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Share This