ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් ඇතුළු සිවු දෙනා නිදොස් කොට නිදහස්

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් ඇතුළු සිවු දෙනා නිදොස් කොට නිදහස්

(අකිලා නදීෂානි බණ්ඩාර)
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් නියෝග කරයි.
2011 වර්ෂයේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුණි.
ඒකී බැඳුම්කර ගනුදෙනුව මහ බැංකුවේ රෙගුලාසිවලට හා මූල්‍ය වාර්තා රෙගුලාසි වලට අනුකූලව නීත්‍යානුකූලව සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේදී අල්ලස් කොමිසම විසින් දෙවන රට රට රටාවටත් මෙම නඩුව පවරා තිබීම යුත්ති සහගත නොවන බව ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක සහ නලින් ලද්දු හෙට්ටිආරච්චි ලිඛිතව කරුණු දක්වා තිබුණි.
ඒ අනුව සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව පවරා තිබූ චෝදනා පත්‍රය ඊයේ (10) ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කළ අතර මහාධිකරණය එම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරනු ලැබීය.

Share This