ගල් අඟුරු නිසි ප්රමිතියට නෑ පාඩුව රුපියල් කෝටි 244කට ආසන්නයි – විගනණ වාර්තාවෙන් හෙළිවේ

ගල් අඟුරු නිසි ප්රමිතියට නොමැති බව
විගණන වාර්තාවෙන් හෙළිවෙයි
සිදුවූ පාඩුව රුපියල් කෝටි 224ට ආසන්නයි
ගල් අඟුරු නිසි ප්රමිතියට නොමැති වීම හේතුවෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි 224ට ආසන්න බව ජාතික විගණන කාර්යාලය ගල් අඟුරු ප්රසම්පාදනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණන වාර්තාවේ දක්වා තිබෙනවා.
පළමු නැවෙන් (නැව් බඩු තොග අංකය 456) රුපියල් කෝටි 16 කට වැඩි පාඩුවක්ද,
දෙවෙනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 457) රුපියල් කෝටි 09ට වැඩි පාඩුවක්ද,
තෙවැනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 458) රුපියල් කෝටි 31 කට වැඩි පාඩුවක්ද,
සිවුවැනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 459) රුපියල් කෝටි පහළොවකට වැඩි පාඩුවක්ද, සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය ගල් අඟුරු ප්රසම්පාදනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විශේෂ විගණන වාර්තාවේ සදහන් වනවා.
එමෙන්ම පස්වෙනි නැවෙන් (නැව් බඩු තොග අංකය 460) කෝටි දහ අටකට ආසන්න පාඩුවක්ද,
හයවැනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 461) කෝටි 30ට ආසන්න පාඩුවක්ද,
හත්වැනි නැවෙන්( නැව් බඩු තොග අංකය 462)රුපියල් කෝටි 24කට වැඩි පාඩුවක්ද,
අටවැනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 463) රුපියල් කෝටි තිස් 09ට වැඩි පාඩුවක්ද,
දහවැනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 464) රුපියල් කෝටි 39කට වැඩි පාඩුවක්ද, සිදුව ඇති බවයි එම වාර්තාවට අනුව සදහන් වන්නේ.
මෙම ගල් අඟුරු භාවිතයෙන් පූර්ණ ධාරිතාවය එනම් මෙගාවොට් 300ක ධාරිතාව ගැනීමට නොහැකි වීම මත විකල්ප මූලාශ්රයකින් අතිරේක බලශක්තිය උපයා ගැනීමට සිදුවුවහොත් එසේ අතිරේකව උපයා ගතයුතු ඇස්තමේන්තු ගත බලශක්ති ප්රමාණය කිලෝ වොට් පැය 76354087ක් බව ද එහි දැක්වෙනවා.
