ගලමුදුන කනිෂ්ඨ විද්‍යාලයේ දරුවෝ ඇගයෙති

ගලමුදුන කනිෂ්ඨ විද්‍යාලයේ දරුවෝ ඇගයෙති

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් 2024/2025 වර්ෂයේ උසස් ලෙස සමත් තෙල්දෙනිය අධ්‍යාපන කලාපයේ ගලමුදුන කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් ඇගයීමේ උත්සවයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රාවණාගාරයේදී ඔක්තෝම්බර් මස 03 දින පැවැත්විණි.
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙහිදී සාමාන්‍ය පෙළ සමත් ගලමුදුන කනිෂ්ඨ විද්‍යාලයේ දූ දරුවන් සිව්දෙනෙකු උදෙසා මූල්‍ය ත්‍යාග, පාසල් උපකරණ ද, විද්‍යාලය සඳහා ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්ද පිරිනමන ලදී.

Share This