ගම්පහ පාරිභෝගික වැටලීම්වලින් කෝටි 65,000ක්

ගම්පහ පාරිභෝගික වැටලීම්වලින් කෝටි 65,000ක්

නිමල් දයාරත්නා සහ යක්කල – එස්.ඩී. මැස්ටියගේ
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින් 2025 වසර තුළ සිදු කළ වැටලීම්වලදී නීති කැඩූ ව්‍යාපාරිකයන් 13000කට නඩු පවරා රුපියල් කෝටි හැටපන්දහසක දඩ මුදල් අය කරගත් බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානි අයද නාමල්ගම මහතා පවසයි.
ගම්පහ කාර්යාලයට එහි 1977 කෙටි දුරකථන ඇමතුම් අංකයට ලබා දී තිබූ තොරතුරු මත අදාළ වැටලීම් සිදුකර ඇත. සහල් සම්බන්ධව වැටලීම් 405, සිදු කර ඇති අතර ඉන් වැටලීම් 169ක්ම වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙනි. ඊට අධිකරණය රුපියල් එක්කෝටි අසූහත් ලක්ෂයක දඩ නියම කර ඇති බවද ඒ මහතා පවසයි.
උත්සව සමය තුළ බෙදා හැරීමට තිබූ භාණ්ඩ ගබඩා කළ ගබඩා කීපයක්ද පරික්ෂාවට ලක්කර ඇති අතර කල් ඉකුත් වූ භාණ්ඩ, තොරතුරු අන්තර්ගත නොවූ භාණ්ඩ, හිමිකරවැන් 12 දෙනකුට නඩු පවරා ඇත. පානීය ජල බෝතල් පාලන මිලට වැඩියෙන් අලෙවි කළ ව්‍යාපාරිකයන් පිරිසක් ද ඒ අතර විය.
පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාධානි අයද නාමල්ගම මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරින් වන ශානිකා ඉහළවත්ත, තුල්රිඋඩවත්ත, රසික රත්නායක, තිලින ජයසිංහ, රමීනා තත්සරනි, ඉමිලි ප්‍රියදර්ශන, ජම්හාල් ජෆ්රි, හේමාල් විජේසූරිය, කසුන් කුමාර, සිසිර මුදන්නායක, අමිල අතුකෝරාල යන මහත්ම මහත්මීන් මෙම වැටලීම් සිදු කර ඇත.

Share This