කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට

කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදෙන බව සභානායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා.

ඒ, 2025 වසර සඳහා වන අතුරු සම්මත ගිණුමේ දෙවන දින විවාදය ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තුවේ අද (06) මත් වූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

අදාළ තීරණය පක්ෂ නායක රැස්වීමේදී අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම ගිණුම්කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව වැඩිකර ඇති බවයි බිමල් රත්නායක මහතා අවධාරණය කළේ.

එමෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිධුරය ආණ්ඩු පක්ෂයට අවශ්‍ය බවට ද එහිදී දැනුම් දුන්නා.

ඒ, පසුගිය ආණ්ඩු සමයේ සිදු වූ වංචා හා දුෂණ සෙවීමට අවශ්‍යව තිබීම හේතුවෙන්.

“රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිධුරය විපක්ෂයට ලබාදීමට අපි තීන්දු කර තිබෙනවා. ඒක ඔබතුමාලා ඉල්ලපු දෙයක් නෙවෙයි. ඒ වගේම රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව වැඩිකරලා තිබෙනවා ස්ථාවර නියෝගවලට වඩා වැඩියෙන්.

කෝප් කමිටුවේ සභාපතිකම අපි කිව්වා ඒක ආණ්ඩු පක්ෂයට අවශ්‍යයි කියලා. මුල් කාලයේදී පරීක්ෂා කරන්න වෙන්නෙ පසුගිය ආණ්ඩුවේ දේවල්. අපි කැමති නැහැ ඒ ආණ්ඩුවේ ඇමති කෙනෙක් ඇවිල්ලා කෝප් එකේ සභාපති වෙනවට. ඒක සදාචාර සම්පන්න නැහැ.”

මේ අතර ආංශික කාරක සභාව පත්කිරීමට ජනවාරි මස 31 දක්වා කාලය ලබාගෙන තිබෙන බව ද බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.

එමෙන්ම මුදල් කාරක සභාව පත්කිරීම පිළිබඳ තීරණයක් අද (06) පස්වරුවේ ගැනීමට නියමිතයි.

Share This