කෝටි දෙකක කුෂ් අරන් කටුනායකට ආ ලාංකිකයා

කෝටි දෙකක කුෂ් අරන්  කටුනායකට ආ ලාංකිකයා

(කටුනායක ටී.කේ.ජී.කපිල)
රුපියල් දෙකෝටි දස ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් හරිත මාවත ඔස්සේ පිට කරගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියකු 03දා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු 28 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඔහු විසින් රැගෙන ආ අත් බෑගයේ ”කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 79 ක ප්‍රමාණය සඟවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ගුවන් මගියා සහ ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

Share This