කොළඹ මහානාමයේ දරුවන් තිදෙනකු අපයෝජනයට ලක් කළ පාපතරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න

අද වන විට කොළඹ මහානාම විද්‍යාලයේ ඉගෙන ගන්නා ළමුන් තිදෙනෙක් එම විදුහලේ ස්ථානභාර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් 4 වැනිදා සෙනසුරාදා බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවට වාර්තා වන බවත් මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා හෝ ආචාර්යවරුන් හෝ අපයෝජනයට ලක් වූ දරුවන් ගැන පැහැදිලි පියවරක් ගෙන නොමැති බවත් වෛද්‍යවරුන් වෙත යොමු කිරීම හෝ අදාළ ආරක්ෂක ආයතනය පිළිබඳව මෙන්ම මේ අපයෝජනය සිදු කළ පාපතරයා සම්බන්ධයෙන් පියවරක් ගෙන නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ගුරුවරුන් දෙපළක් මේ ගැන කියන විට විදුහල්පතිවරයා තර්ජනය කර ඇති බවත් මේ ගැන පැමිණිලි සිදු කිරීමට ගිය විට දරුවන් උසාවි ගානේ ගෙනියන්න වෙයි නඩු වසර ගණනාවක් විය හැකි බවට මවුපියන් බිය වද්දවා ඇති බවත් පාසල ඉදිරිපත් උද්ඝෝෂණයක් පවා මේ විට පවත්වන්න කැඳවා ඇති නිසා මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වා මොවුන්ට ආරක්ෂාව රැකවරණය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් මේ සංවේදී කාරණාව ගැන සොය බලන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ පාපතරයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් කිසිදු බලපෑමකට යටත් නොවී කරුණු සොයා බලා කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.