කොළඹ අයවැය දෙවැනි වර ගොඩ

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම 31දා වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කරන ලදී.
ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිවූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 56ක් පමණි.
කොළඹ මහ නගර සභාවේ ජාජබ මංගල අයවැය දෙසැම්බර් 22 වැනිදා සභාවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී එය පරාජයට පත්විය.
පළමු වර අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමි වූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණි.
එවන් පසුබිමක 31දා කොළඹ මහ නගර සභාවේ අයවැය නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය විසින් දෙවන වරටත් සභාවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්දයෙන් සම්මත විය.
