කොළඹ අයවැයට පක්ෂ වූ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රිනියට පක්ෂයෙන් ලෙඩක්

කොළඹ අයවැයට පක්ෂ වූ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රිනියට පක්ෂයෙන් ලෙඩක්

කොළඹ මහ නගර සභාවේ අයවැය 31දා දෙවන වරට සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නාගරික මන්ත්‍රීනි සොහ්රා බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම පක්ෂය තීරණය කරයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් විසින් නිකුත් කරන ලද ලිපියක දැක්වෙන්නේ, කොළඹ මහා නගර සභාවේ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙස පක්ෂ නායක රවුෆ් හකීම් මහතා විසින් පෞද්ගලිකවම විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් දී තිබූ බවයි.
කෙසේ වෙතත්, එම උපදෙස් නොතකා සොහ්රා බුහාරි මහත්මිය අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම ”පක්ෂ විනය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්” බවද මුස්ලිම් කොංග්‍රසය පවසයි.

Share This