කොස්ගම වෙඩි තැබීමට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොට්ටාව හෂාන් පුෂ්පික / යක්කලමුල්ල සඳනුවන් කීර්ති)
කොස්ගම පොලිස් වසමේ බොරළුගොඩ ප්‍රදේශයේදී පසුගියදා (03දා) ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටී පුද්ගලයකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවිය. එම වෙඩි තැබීමෙන් වැලිකන්න, වග ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු තුවාල ලැබූ අතර ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.’
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කොස්ගම පොලිස් ස්ථානය සහ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කරන ලදී.
එහි ප්‍රතිපලයක් ලෙස හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න නිලධාරියාට ලද තොරතුරක් මත මෙමඅපරාධයට සම්බන්ධ වෙඩික්කරු, යතුරු පැදියෙහි පැදිකරු සහ අපරාධය සඳහා ආධාර අනුබල දුන් කාන්තාවක් අත්අඩංගුවට ගන්නා ලදී.
ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව කලටුවාව, තුම්මෝදර ප්‍රදේශයේ ඉඩමක වල දමා තිබියදී රිවෝල්වර ගිනි අවියක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි විය.
