කොරියානු විභාගයේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලයේ

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම 2025.09.15 දින සිට 2025.09.17 දින මධ්‍යම රාත්‍රිය දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට නියමිතය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය මගින් විභාගය සඳහා අවශ්‍ය අයැදුම්පත් ලබා ගැනීම සඳහා ලියාපදිංචිය ලබාගත හැකිය.
මේ සඳහා අවුරුදු 18-39ත් අතර පුද්ගලයන්ට (1985.09.15 සිට 2007.09.14 උපන් අයට) අයැදුම් කළ හැකි අතර වර්ණ අන්ධතාව නොමැති නඩු නිමිත්තක වරදකරුවකු වී දඩ මුදල් ගෙවීමක්, සිරගතවීමක් හෝ බරපතළ වැරැදිවලට වැරැදිකරුවකු වී නොමැති වර්ණ අන්ධතාව කොඳු ඇට පෙලේ ආබාධ සහිත ඇඟිලි අඩු හෝ ඉවත් කර නොමැති පුද්ගලයන් හා දකුණු කොරියාව මගින් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති හාE-9 සහ E-10 වීසා කාණ්ඩ යටතේ වූ සේවා කාලයද ඇතුළුව වසර 5ට අධික කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති පුද්ගලයන් විය යුතුය.
විභාග ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා අයැදුම්පත්‍රය ඉදිරියට අවම මාස 3ක කාලයක් සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ස්කෑන් ඡායාරූපයක්, මාස 3ක් ඇතුළත ලබාගත් 3’5 cm × 4’5 cm ප්‍රමාණයේ සුදු පැහැති පසුබිම සහිත ඡායාරූපයක ස්කෑන් කළ පිටපතක් අවශ්‍ය වේ. විභාග ගාස්තුව රු. 8,428.40ක් වන අතර ලංකා බැංකුව මහජන බැංකුව හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට මුදල් ගෙවු රිසිට්පත අවශ්‍ය වේ. (මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් අංක www.slbfe.lk හි සඳහන් වේ)
මෙම විභාගය හා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.
