කෙහෙළිය පවුල හෙට මහාධිකරණය හමුවට

කෙහෙළිය පවුල හෙට මහාධිකරණය හමුවට

(අකිලා නදීෂානි බණ්ඩාර)
රුපියල් මිලියන 98ක අයථා වත්කම් උපයා ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ හෙට (10දා) කැඳවීමට නියමිතය. පසුගිය නඩුවාරයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ අය රුපියල් 50000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙරිණි. ඊට අමතරව විදෙස් ගමන් තහනමක් ද පැනවු අතර ඇඟිලි සලකුණු ලබා ගැනීමට ද නියෝග කළාය. ඊට අමතරව පෙර වැරදි වාර්තාවක් කැඳවන ලෙසද විනිසුරුවරිය නියෝග කළාය.
චෝදනා 43ක් යටතේ මෙම අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී, දියනියන් වන අමාලි රඹුක්වැල්ල, නයනිකා රඹුක්වැල්ල, චන්දුලා රඹුක්වැල්ල සහ බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අයට අධිචෝදනා ගොනු කර නඩු පවරා ඇත.

Share This