කෙහෙල්බද්දර පද්මෙගේ ගිනි අවියක් ළඟ තියාගත් දෙදෙනෙක් කොටුවෙති

කෙහෙල්බද්දර පද්මෙගේ ගිනි අවියක් ළඟ තියාගත් දෙදෙනෙක් කොටුවෙති

(සෙනාෂ් කොළවත්ත)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේට අයත් වන බව කියන මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් එක් අයෙක් කැලණිය හාතුඩුව ප්‍රදේශයේ අයකු බව ද පොලිසිය කියයි.
මේ වන විට අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරමින් සිටින අපරාධකරුවකු වන පද්මේගෙන් ලද තොරතුරකට අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

Share This